.webp)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ, අනිසි තොග රැස්කිරීම පාලනය කරමින් සියලු වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට එම ක්‍රමය ක්‍රියාත්මක බවයි.
මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමග ගෝලීය සැපයුම් ක්‍රියාවළියට බාධා ඇතිවීම මෙන්ම තෙල් නිෂ්පාදන හා ප්‍රවාහන මූලාශ්‍රවලට එල්ලවන ප්‍රහාරත් ලෝක තෙල් සැපයුම අඩු වීමට බලපා ඇති සාධකයි.
QR ක්‍රමවේදය සම්බන්ධයෙන් මතු වූ තාක්ෂණික ගැටලු සඳහා මේ වනවිට පිලියම් යොදා ඇතැයි, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මීට පෙර පද්ධතියේ පැවති ගැටලු වන වාහන අයිතිය වෙනස් වීම සහ ජංගම දුරකථන අංක පිළිබඳ ගැටලුවලට දැනට විසඳුම් ලබා දී ඇති බවයි.
පද්ධතියෙන් වාහන ඉවත් කිරීමේ පහසුකම ද දැන් වඩාත් විධිමත් කර ඇති බවත් වාහන අලෙවි කර ඇති පුද්ගලයන්ට සිය ගිණුමෙන් එම වාහන ඉවත් කරන ලෙසත් නියෝජ්‍ය අමාතවරයා පවසයි.
නියෝජ්‍ය අමාතවරයා පැවසුවේ එවිට වාහනය අලුතින් මිලදී ගත් පුද්ගලයාට එය ලියාපදිංචි කළ හැකි වනු ඇති බවයි.
මේ අතර QR ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හල් සේවකයන් සහ හිමිකරුවන් පුහුණු කිරීමේ කටයුතුද ක්‍රියාත්මක බව ඔහු පැවසුවා
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ඉන්ධන හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලිම් නිර්මාණය නොකරන ලෙසයි.
රජය විසින් හඳුන්වා දෙන මෙම විධිමත් කළමනාකරණ ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ඔහු ජනතාවට දැනුම් දෙයි.
