.webp)

COLOMBO(News1st) - සියළුම ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පැවසුවේ, ඒ යටතේ ගිලන් රථවලට ඩිපෝවලින් මෙන්ම පිරවුම්හල්වලින්ද ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බවයි.
ඊයේ(15) උදෑසන 6 සිට දීප ව්‍යාප්තව QR ක්‍රමවේදය බලාත්මකයි.
QR ක්‍රමවේදය යටතේ සෑම පුද්ගලයෙකුටම සතියකට ලබාගත හැකි ඉන්ධන ප්‍රමානය නිශ්චිත කෝටාවකට සීමා කර තිබේ.
ඒ යටතේ,
ලෙස ඉන්ධන ලබාගැනීමට හැකියාව පවතිනවා.
මීට පෙර QR ක්‍රමවේදය සඳහා ලියාපදංචි කළ පුද්ගලයින්ගේ වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා මහජනතාවට එය ලබාගත හැකි වනවා.
මීට පෙර QR ක්‍රමවේදය සඳහා ලියාපදිංචි නොකළ අලුතින් ලියාපදිංචි කරන ලද වාහන සහා වාහනයේ හිමිකාරීත්වය හෝ දුරකතන අංකය වෙනස් වී ඇත්නම් fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසි යළි ලියාපදිංචි වීමේ හැකියාව ලැබෙනු ඇති.
අදාළ ක්‍රියාවලිය සම්බන්ධ ගැටලු හෝ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ රජයේ තොරතුරු කේන්ද්‍රය ඇමතිය හැකි බවද ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.
