ට්‍රම්ප්, යළිත් කාර්ග් දූපත්වලට පහර දීමට සූදානමක

ඉරානයේ කාර්ග් දූපත් ඉලක්ක කර යළිත් ප්‍රහාර දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්

by Staff writer 16-03-2026 | 11:01 AM

COLOMBO (News 1st) - මෙවැනි පසුබිමක ඉරානයේ කාර්ග් දූපත් ඉලක්ක කර යළිත් ප්‍රහාර දියත් කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තය කාර්ග් දූපතේ පිහිටා ඇති අතර අදාළ දූපත ඉලක්ක කරගනිමින් අමෙරිකාව ප්‍රහාර දියත් කළේ ය.

අමෙරිකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරු දෙකක සිට අදාළ ප්‍රහාර මාලාව එල්ල කළ බව ඉරාන බලධාරීන් චෝදනා කළේ ය.

අමෙරිකානු ජනාධිපතිවරයාට "විනෝද වීමට අවශ්‍ය නිසා" මිනිසුන් නිකරුනේ මිය යන බව ඉරාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්බාස් අරග්චි චෝදනා කරන ලදි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කර ඇත්තේ ජයග්‍රහණයක් නොමැති නීති විරෝධී යුද්ධයක් බවද ඔහු පවසයි.