ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්!

"යුද්ධය අවසන් කළ හැක්කේ ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගනු ලැබුවහොත් පමණි" - ඉරාන ජනාධිපති

by Staff writer 12-03-2026 | 8:54 AM

COLOMBO(News1st) - ඉරානය කලාපීය සාමය වෙනුවෙන් කැපවී සිටින නමුත්, යුද්ධය අවසන් කළ හැක්කේ ඉරානයේ  “නීත්‍යානුකූල අයිතිවාසිකම්” පිළිගනු ලැබුවහොත් පමණක් බව, එරට ජනාධිපති මසුඩ් පෙසෙෂ්-කියන් පවසනවා.

එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ තමන්,‍ රුසියානු සහ පාකිස්ථාන නායකයින් සමග ඒ පිළිබඳව සාකච්ඡා කළ බවයි.

මෙම ගැටුම් අවුලුවා ඇත්තේ ඊශ්‍රායලය සහ අමෙරිකාව බවද, ඉරාන ජනාධිපතිවරයා යළිත් වරක් අවධාරණය කළේය.

යුද්ධය අවසන් කිරීම පිළිබඳ ඕනෑම යෝජනාවක කොන්දේසි ලෙසින්, ඉරානයේ අයිතිවාසිකම් පිළිගැනීම, වන්දි ගෙවීම සහ අනාගත ආක්‍රමණවලට එරෙහිවන බවට ජාත්‍යන්තරයෙන් සහතිකයක් අවශ්‍ය බවයි.