ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට නව සභාපතිවරයෙක්..

බිමල් විජේසිංහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වෙයි..

by Staff writer 12-03-2026 | 10:30 PM

COLOMBO (News 1st) -  

බිමල් විජේසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස අද තේරී පත් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවැත්විණ.

ක්‍රීඩා සංගම් 33කින් ඊට සහභාගී වූ ඡන්ද දායකයින් ගණන 99කි.

සභාපති තනතුරට තරග කළේ ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන සහ බිමල් විජේසිංහ.

එහිදී ඡන්ද 61ක් ලබා ගත් බිමල් විජේසිංහ, සභාපති ලෙස තේරී පත් විය.

ලේකම්  තනතුරට තරග කළේ, වෛද්‍ය ධම්මික සේනානායක සහ මාධව බණ්ඩාර සෙනරත් ය.

එහිදී ඡන්ද 64ක් ලබා මාධව බණ්ඩාර සෙනරත් ලේකම් තනතුරට පත් විය.

භාණ්ඩාගාරික තනතුර හිමි වූයේ රසිකා නිලංගනීටයි.