.webp)
-612034.jpg)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා සඳහන් කළේ, එම නෞකා මෙම මාසයේ 14 - 15 දිනවලදී, 17 - 18 දිනවලදී 21 - 22 සහ 29 - 30 අතර දිනවලදී මෙරටට පැමිණීමට නියමිත බවයි.
පළමු නෞකා තුනේ පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම අඩංගු අතර අවසන් නෞකාවේ ඩීසල් පමණක් රැගෙන එන බවත් සභාපතිවරයා පැවසුවේය.
ඒ අනුව අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.
සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එම ඉන්ධන තොග, ගොඩබෑමේදී මිල ගණන් අනුව ලබා ගන්නා බවයි.
අදාළ සියලු නෞකා ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් පැමිණීමට නියමිතය.
