ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ!

ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ!

by Staff writer 12-03-2026 | 7:52 AM

COLOMBO(News1st) - ගෝලීය බොරතෙල් මිළ ඉහළ යාම සහ මැදපෙරදිග ගැටුම් හමුවේ මේ වනවිට ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවීමේ අවධානමක් නොමැති බව පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ, මාසයකට පමණ සරිලන පරිදි ආනයනික ආහාර තොග මේ වනවිට වෙළ‍ෙඳපොළේ පවතින බවයි.