.webp)
-611964.jpg)
COLOMBO (News 1st) - හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකා තුනකට ප්‍රහාර එල්ල වී ඇතැයි එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙෙළඳ මෙහෙයුම් අංශය වාර්තා කරයි.
එම ප්‍රහාර කෙසේ එල්ල වූයේද යන්න තවමත් තහවුරු වී නැත.
ඉන් එක් නෞකාවක් ඩුබායි සිට වයඹ දෙසින් නාවික සැතපුම් 50ක පමණ දුරින් යාත්‍රා කරමින් සිටියදී ප්‍රහාරයකට ලක්වී තිබේ.
ප්‍රහාරයෙන් එහි සිටි කිසිවෙකුට හානියක් නොමැති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් අංශය පැවසුවේ ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල්-කයිමා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා කල බහාලුම් ප්‍රවාහන නෞකාවකට සහ, ඕමානයට උතුරින් යාත්‍රා කරමින් සිටි නෞකාවකට ද එවැනි ප්‍රහාර එල්ල වූ බව මින් පෙර වාර්තා වුණි.
ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී ප්‍රහාර එල්ල වී තිබු නෞකා සංඛ්‍යාව 3ක්.
එම නෞකාවල කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කරගනිමින් ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වුණි.
