.webp)

COLOMBO (News 1st) - ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා තිබේ.
වර්තමානයේ පවතින ගෝලීය භූ දේශපාලනික වර්ධනයන් සහ මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළවලට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් ගෑස් මිලෙහි සංශෝධනයන් සිදු කළ බව ලාෆ්ස් සමාගම ප්‍රකාශ කරන ලදි.
ඒ අනුව ක්‍රිලෝග්‍රැම් 12.5 ගෑස් සිලියන්ඩරයක මිල රුපියල් 300 කින් ඉහල නංවා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 4630 ක්.
ක්‍රිලෝග්‍රැම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් ඉහල නංවා තිබේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 1862ක් බව ලාෆ්ස් සමාගම ප්‍රකාශ කළේ ය.
මේ අතර ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කර ඇත්තේ රුපියල් 300කින්.
එහි එහි නව මිල රුපියල් 3990 ක්
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 120කින්.
එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1602 ක් ලෙසය.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 750 ක්.
