.webp)

COLOMBO (News 1st) - තම වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි වෘත්තීය සමිති පවසයි.
ඒ බලධාරින් ඔවුන්ගේ ඉල්ලීම් 64 න් 62 කට විසඳුම් ලබා දී තිබියදීයි.
සෙසු ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරි දින දෙක ඇතුළත ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට ඊයේ පැවති සාකච්ඡාවලදී එකඟ විය.
වැඩවර්ජනයට එක්ව සිටින්නේ විදුලි ඉංජිනේරුවරුන් හා විදුලි අධිකාරිවරුන් ඇතුළු වෘත්තිය සමිති කිහිපයකි.
ඔවුන් බිඳ වැටීම් හා නඩත්තු රාජකාරිවලින් ඉවත්වීමෙන් ඇතැම් ප්‍රෙද්ශවල ජනතාව පීඩාවට පත් ව සිටී.
