නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.

සිරි දළදා කරඬුව වැඩම කළ රාජකීය හස්තියා, නැදුන්ගමුවේ විජය රාජා මතු පරපුර වෙනුවෙන් යළිත් ජීවමාන වෙයි.

by Staff writer 10-03-2026 | 8:16 AM

COLOMBO(News1st) -වසර 16කට අධික කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිරි දළදා කරඬුව වැඩම කරවූ නැදුන්ගමුව විජය රාජා හස්තියා හෙට (11) සිට යළිත් මහජනතාවට නැරඹීමට අවස්ථාව උදා වෙයි.

ඒ කොළඹ ජාතික කොතුකාගාරයේදීයි. 

2022 මාර්තු 07 වනදා සඳහටම දෑස් පියාගත් ආසියාවේ උසම ඇතා වන නැදුන්ගමුවේ විජය රාජා, ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම එම හස්තියාගේ හිමිකරු වූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ දැනුම්දීම මත ශ්‍රී  දළදා මාලිගාව සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව භාර ගැනුණා. 

ඒ අනුව නැදුන්ගමුවේ විජය රාජා සමුගෙන වසර 04 ක් ගත වූ තැන, ජාතික කෞතුකාගාරයේදී අද (10) විවෘත වන්නේ මතු පරම්පරා ගණනාවකට ඒ සද්ධන්ත ඇත් ස්වරූපය දැක බලාගැනීමට ඉඩ සලස්වමින්.