.webp)

COLOMBO (News 1st) - අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඇප මත මුදා හැරුණි.
ඒ ඔහු අද (10) පස්වරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
කුණ්ඩසාලේ පිහිටා ඇති 1707-1739 කාලය තුළ රජකම් කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගා බිමේ තිබූ සඳගල නම් ගල් කැටයම සහිත කිලෝ දහසක් පමණ බරැති පර්වතය 2022 දෙසැම්බර් මස 14 වැනිදා රාත්‍රියේ සොරු ගෙන ගොස් තිබුණේ ඩිෆෙන්ඩරයකද ආරක්ෂාව සහිතව බවට වාර්තා වුණි.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට ගැණුනේ,මෙම පුරා වස්තු සොරකමට අදාල විමර්ශනයට අනිසි බලපෑම් කිරිම සහ ඊට සම්බන්ධ ඇතැම් සැකකරුවන්ට ගැලවීයාමට ආධාර කිරිමේ චෝදනා මතය.
