අගමැති, අද (10) ADB ජාත්‍යන්තර කාන්තා දින උත්සවයට.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (10) ADB ජාත්‍යන්තර කාන්තා දින උත්සවයට.

by Staff writer 10-03-2026 | 8:25 AM

COLOMBO(News1st) - පිලිපීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (10) මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත තිබේ.

සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය, පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. 
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම සාකච්ඡාවල අරමුණයි. 
 

නිල සංචාරයක් ආරම්භ කරමින් පෙරේදා (08) පිලිපීනය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරිය හෙට (11) යළි දිවයිනට පැමිණීමට නියමිතය.