.webp)

ඒ අනුව රියාද් වෙත දෛනික ගුවන් ගමන්වාර අද (09) රාත්‍රියේ සිට ආරම්භ කෙරෙනු ඇත.
හෙට (10) සිට ඩුබායි දක්වා දෛනික ගුවන් ගමන්වාර ආරම්භ කෙරේ.
මැදපෙරදිග තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින්, මගීන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේද ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් ගුවන් ගමන්වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඒ අනුව,
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෙරට තුළදී 1979 කෙටි දුරකථන අංකය හෝ ජාත්‍යන්තරයේ සිට +94 11 777 1979 යන දුරකථන අංකය ඇමතිය හැකියි.
එමෙන්ම +94 74 444 1979 යන දුරකථන අංකය ඔස්සේ වට්ස්ඇප් මගින්ද තොරතුරු විමසීමේ හැකියාව පවතී.
www.srilankan.com යන වෙබ් අඩවියෙන්ද ගුවන් ගමන්වලට අදාළ තොරතුරු පරීක්ෂා කළ හැකියි.
