උත්සව සමයේ භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට සැලසුම්

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට සැලසුම්.. - ඇමති වසන්ත සමරසිංහ

by Staff writer 09-03-2026 | 9:13 AM

COLOMBO (News 1st) - උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීම  සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

හිඟවන ධාන්‍ය සඳහා බදු සහිතව ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

නෞකා ගමනාගමනයට පවතින බාධාවත් සමග ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

පවතින තත්ත්වය හමුවේ අපනයන කටයුතු සඳහා බාධා මතුවිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදි.