.webp)
 - Copy-611725.jpg)
COLOMBO (News 1st) - ඉරාන නාවිකයින් 10 දෙනෙකු තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
සුවය ලැබූ 22දෙනෙකු මේ වන විට සිටින්නේ වැලිසර නාවික හමුදා කඳවුරේය.
මියගිය ඉරාන නාවිකයින් 84 දෙනෙකුගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධි ශීතාගාර දෙකක තැන්පත් කර තිබේ.
එම මෘත දේහ සම්බන්ධයෙන් අන්තර් ජාතික නීතීන්ට අනුව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණි පැවසුවේ ය.
