අමෙරිකානු ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්!

ඉරානයට එරෙහි යුද්ධයේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම දුරක් යාමට සූදානම්! - අමෙරිකානු ආරක්ෂක ලේකම්

by Staff writer 09-03-2026 | 12:56 PM

COLOMBO (News 1st) - ඉරානයට එරෙහි යුද්ධයේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම දුරක් යාමට අමෙරිකාව සූදානම් බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ CBC මාධ්‍ය ජාලයේ සික්ස්ටි මිනිට්ස් වැඩසටහන සමඟ එක්වෙමින් ය.

අමෙරිකාව සටන් වදින්නේ ජයග්‍රහණය වෙනුවෙන් බවත් ඉරානය යටත් වන්නේ නම් එහි කොන්දේසි තීරණය කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදි.

මේ අතර ඉරානයේ නව උත්තරීතර නායක මොජිටාබා කමේනිගේ අණ දීමෙන් යුතු පළමු ප්‍රහාර මාලාව ඊශ්‍රායලයට එල්ල කල බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.