.webp)
-611701.jpg)
COLOMBO (News 1st) - අඛණ්ඩව දෙවැනි වරටත් ඉන්දීය කණ්ඩායම 20/20 ක්‍රිකට් ලෝක ශූරයින් ලෙස කිරුළු ලබා ගත්තේ ය.
ඒ 2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කරමිනි.
ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20/20 ලෝක කුසලානය දිනූ තුන්වැනි අවස්ථාව මෙය වේ.
අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 159 පමණි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම වාර්තා අතරට එක් වූයේ සිය රටේදී පන්දුවාර 20/20 ලෝක කුසලානයක් ජය ගත් පළමු කණ්ඩායම ලෙසය.
තම ක්‍රීඩා ලෝලීන් ප්‍රේක්ෂක අසුන් වලින් නැගිට ජය කෙහෙලි නංවද්දී පන්දුවාර 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තුනක් ජයගත් පළමු කණ්ඩායම බවට ද ඉන්දියාව ඊයේ (08) පත් වුණි.
සත්කාරකත්වය දැරූ රටක් තම රටේදී පන්දුවාර 20යි 20 ලෝක කුසලානයක් දිනා ගත් පළමු අවස්ථාවද මෙය වේ.
