අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 103ක්

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ තිබී සොයා ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 103.200ක්

by Staff writer 08-03-2026 | 2:04 PM

COLOMBO (News 1st) -  ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 103කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්මාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ, හෙරොයින් කිලෝග්රෑම් 102 කට අධික ප්‍රමාණයක් එහි තිබී සොයාගත් බවයි.

කොකේන් ග්‍රෑම් 900 කට වැඩි ප්‍රමාණයක් ද එහි තිබී සොයා ගැනුණි.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 6 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත්තේ ය.

ඒ, නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය.

ඔවුන් අද උදෑසන දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් අනතුරුව එහි තිබූ මලු 92ක් පරීක්ෂා කිරීම, ආරම්භ කළේ ය.

සැකකරුවන්, මීට දින 20 කට පෙර ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය.

එම ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.