නිල සංචිත වත්කම් ඩො.බි. 7 සීමාව ඉක්මවයි

2020 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවයි...

by Staff writer 07-03-2026 | 8:28 AM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේදී 6.6% කින් වැඩිවී අමෙරිකානු ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය ජනවාරි මාසයේ තිබූ ඩොලර් මිලියන 6,832 ට වඩා වැඩි අගයක් බව මහ බැංකුව සඳහන් කළේය.

ඒ අනුව, 2020 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇත.

මෙම සංඛ්‍යාවට චීන මහජන බැංකුව (People’s Bank of China) සමග ඇති Swap ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.