හදිසි තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි.

හදිසි තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි..

by Staff writer 06-03-2026 | 7:32 PM

COLOMBO (News 1st) - මහජන හදිසි තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 100කින් සම්මත විය.

ඒ අනුව ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 108කි.

විපක්ෂව ඡන්ද 08ක් ලැබී තිබුණි.

හදිසි නීතිය පනවනු ලැබුවේ, රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැන නැගීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහායි.