යාපනයේදී බෝට්ටුවක් පෙරළී දෙදෙනෙකු මරුට..

යාපනය කුරුනගර් සිට පලෙයිතිව් දක්වා යාත්‍රා කළ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන්, දෙදෙනෙකු මරුට. පස් දෙනෙකු රෝහල් ගතකෙරේ. - පොලීසිය

by Staff writer 06-03-2026 | 12:26 PM

COLOMBO (News 1st) - යාපනයේ ගුරුනගර් තොටුපළ ආසන්නයේදී, ගුරුනගර් සිට පාලතිව් දක්වා යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් පෙරළී දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ තවත් තුන් දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවය.

ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග ප්‍රකාශ කරන ලදි.

දියේ ගිලී අතුරුදන්වූවන් සොයා නාවික හමුදාව සහ ධීවර යාත්‍රා භාවිත කරමින්  තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.