.webp)
-611514.jpg)
COLOMBO (News 1st) - සබරගමුව පළාතේත්, කුරුණෑගල, ගම්පහ සහ මොණරාගල දිස්ත්‍රික්ක වලත්, මිනිස් සිරුරට දැනෙන උණුසුම, අද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානය යොමු කළ යුතු වන අතර ජනතාව, ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු වේ.
හැකි තරම්, සෙවන සහිත ස්ථාන වල රැඳී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.
මේ අතර, දකුණු පළාතේත්, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක වලත් අද පස්වරුවේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන්.
