.webp)
-611484.jpg)
එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු සිද්ධියට අදාළව 2026 ක් වූ පෙබරවාරි මස 25 වන දින අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බවත්, මේ වනවිට සැකකරු දින 90ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි.
විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වීම සඳහා මෝසමක් ගොනු කරමින් නඩුව අද කැඳවිය.
එහිදී සැකකරුවෙක් ලෙස නම් කිරීමට සාක්ෂි තිබේදැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර එහිදී විමසා සිටි අතර මෙතෙක් කරන ලද විමර්ශන අනුව සාක්ෂි අනාවරණය වී ඇතැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියේ, සැකකරු රැඳවුම් නියෝග මත සිටින බැවින් මහේස්ත්‍රාත් නිරීක්ෂණයක් කිරීමද අවශ්‍ය බවයි.
එම සිද්ධියට අදාළව නැගෙනහිර පළාතේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඇතුළු තවත් දෙදෙනෙක් සැකකරුවන් ලෙස නම් කර තිබේ.
පාස්කු ප්‍රහාර මාලාවට පෙර සිදුවූ, වව්නතිව් පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සංවේදී තොරතුරු සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරනු ලබයි.
