.webp)
-611454.jpg)
රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළි සහතික කර තිබේ.
එහි සභාපති ඩී. ඒ. රාජකරුණා පැවසුවේ මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්ධන ආනනයනය සඳහා කිසිදු බාධාවක් නොමැති බවය.
බොරතෙල් මෙට්‍රික් ටොන් 90 000 ක් රැගත් නෞකාවක් ලබන 11 වෙනිදා දිවයිනට පැමිණිමට නියමිත බවත් සභාපතිවරයා ප්‍රකාශ කරන ලදි.
එම නෞකාව, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ෆූජේරා සිට ඊයේ (04) රාත්‍රියේ මෙරටට පැමිණිම සඳහා ගමන් ආරම්භ කර ඇත.
ඔහු පැවසුවේ මැදපෙරදිග පවතින තත්ත්වය සමඟ බාධාවකින් තොරව මෙරටට බොරතෙල් රැගෙන ඒම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවය.
ඒ අනුව ඉදිරි කාලය තුළ බාධාවකින් තොරව ඉන්ධන සැපයිමේ හැකියාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත් ඔහු පවසන ලදි.
මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල දක්නට තිබූ ඉන්ධන පෝලිම් මේ වන විට දක්නට නොලැබේ.
