.webp)
-611460.jpg)
COLOMBO (News 1st) - ප්‍රදේශ රැසක අද දිනයේත් වායු ගුණාත්මකභාවය යළි පහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
දකුණු ආසියාතික රටවල පවතින වායු දූෂණ තත්ත්වයත් සමග පවතින සුළං රටාව එම තත්ත්වයට හේතු වී ඇති බව එම ආයතනය පැවසුවේ ය.
අද උදෑසන වැඩිම වායු දූෂණය හලාවත නගරයෙන් වාර්තා වුණි.
ඒ වායු ගුණාත්මක දර්ශකය 167 ක් ලෙස සටහන් කරමිනනි.
එය සාමාන්‍යෙයන් පැවතිය යුත්තේ එකක 50ට අඩු අගයකය.
බත්තරමුල්ල ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශකය ඉහළ ගොස් තිබූ අතර එම අගය දැක්වුණේ ඒකක 160 ක් ලෙසය.
ගාල්ල දිස්ත්‍රික්කයේ අගය ඒකක 154 ක් ලෙස අද උදෑසන කාලයේ සටහන් වුණි.
යාපනයෙන් ඒකක 102 ක් සහ කෑගල්ලෙන් ඒකක 116 ක් ලෙසද වායු දූෂණ මට්ටම සටහන් වේ.
රත්නපුරයෙන් ඒකක 138 ක්, ඇල්ල ප්‍රදේශයෙන් ඒකක 138 හා අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් ඒකක 131 ක් ලෙස වායු දූෂණ මට්ටම් වාර්තා වුණේ ය.
මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින් සහ රෝගාබාධ සහිත පුද්ගලයින් අවදානයෙන් කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙනු ලබයි.
