සිය රට යාමට නොහැකි විදේශිකයන්ට සහනයක්

මෙරටට පැමිණ යළි සිය රට යාමට නොහැකිව සිටින පුද්ගලයින්ගේ ගුවන් ටිකට් පත් සඳහා සහනයක්.. - වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

by Staff writer 04-03-2026 | 7:41 AM

COLOMBO (News 1st) - යුරෝපා කලාපයට ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී තාවකාලිකව භාණ්ඩ ප්‍රමාණයන් මත සීමා පනවා ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

ඒ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් ය.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ මෙරටට පැමිණ නැවත පිටව යාමට නොහැකිව මෙරට රැඳී සිටින පුදගලයින්ගේ ගුවන් ටිකට් පත් සඳහා ලබා දෙන සහන ලබාදීමටද පියවර ගෙන තිබේ.