ඉරාන යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහාරයක්

ජාත්‍යන්තර මුහුදේ සිටීම ආරක්ෂිත යැයි සිතූ ඉරාන යුද නෞකාවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වූ බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් කියයි. - බීබීසී පුවත් සේවය

by Staff writer 04-03-2026 | 10:52 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවට ප්‍රහාරයක් එල්ල කර ගිල්වා දැමූවේ ඇමරිකා එක්සත් ජනපදය බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.

ඔහු පවසා ඇත්තේ "ඉරානය ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිත යැයි සිතූ ඉරාන යුද නැවක්" ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේදී ගිල්වා දැමූ බවය.

සබ්මැරීනයකින් එල්ල කල ටෝපිඩෝ ප්‍රහාරයකින් එය ගිල්වා දැමූ බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කල බව බීබීසී වාර්තා කළේ ය.