අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටි 30 දෙනෙකු බේරා ගැනේ

අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටි 30 දෙනෙකු බේරා ගැනේ..

by Staff writer 04-03-2026 | 12:08 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මුහුදේදී අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි පුද්ගලයින් 30 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, එම නෞකාව ගාල්ලට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අනතුරට ලක්ව ඇති බවයි.