.webp)
-611330.jpg)
COLOMBO (News 1st) - ජර්මානු චාන්සලර් ෆ්‍රීඩ්රික් මියර්ට්ස් ( Friedrich Meertz ) අද (03) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී හමුවීමට නියමිතව තිබේ.
ඔහු එලෙස අමෙරිකාවට පැමිණෙන්නේ දින දෙකක චීන සංචාරයකින් අනතුරුව වීම විශේෂත්වයකි.
මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ කැනේඩියානු අග්‍රාමත්‍ය මාක් කානී අද ඔස්ට්‍රේලියාවට පැමිණියේ ය.
ඔහු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිතව ඇති අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවකට එක්වීමටද නියමිතව තිබේ.
