ලෝක බොරතෙල් මිල ඉහළට

මැදපෙරදිග වාතාවරණය හමුවේ ලෝක බොරතෙල් මිල ඉහළට

by Staff writer 02-03-2026 | 7:27 AM

COLOMBO (News 1st) - මැද පෙරදිග නොසන්සුන් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද(02) පෙරවරුවේ අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල, 8%කින් පමණ ඉහළ ගොස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි සත 40ක් ලෙස දැක්විය.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ද අද(02)  9%කින් ඉහළ ගොස් තිබේ. බොරතෙල් බැරලයක මිල ඩොලර් 79යි සත 38ක් සටහන් විය.