ඊශ්‍රායලයෙන් හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර

ඊශ්‍රායල හමුදා, ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම අරඹයි..

by Staff writer 02-03-2026 | 10:15 AM

COLOMBO (News 1st) - ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඉලක්ක කරගනිමින් බේරුට් අගනුවරටද ප්‍රහාර එල්ල කල බව ඔවුන් පවසයි.

දකුණු ලෙබනනයේ ගම්මාන කිහිපයක වැසියන්ට වහාම සිය නිවෙස් වලින් ඉවත් වන ලෙසද ඊශ්‍රායල හමුදා අනතුරු අඟවා ඇත.

ඉරානයේ උත්තරීතර නායකයාගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන්, සිය යුතුකම් ඉටුකරන බවට හිස්බුල්ලා සංවිධානය ඊයේ (01) ප්‍රතිඥා දුන් අතර, එම ඝාතනයට පළිගැනීමක් ලෙසින් ඊශ්‍රායල හමුදා කඳවුරකට හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කල බවට තොරතුරු වාර්තා වී තිබේ.