පාකිස්ථානයේ, විරෝධතාවලින් මියගිය ගණන ඉහළට

පාකිස්ථානයේ, කරච්චි නුවර අමෙරිකානු කොන්සල් කාර්යාලයේ පැවති විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් ගණන 09ක් දක්වා ඉහළට

by Staff writer 01-03-2026 | 5:24 PM


පාකිස්ථානයේ කරච්චි නුවර අමෙරිකානු කොන්සල් කාර්යාලයේ පැවති විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොන්සල් කාර්යාලයට කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර දරුණු ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

විරෝධතාකරුවන් පලවා හැරීමට බලධාරීන් සමත් වූ බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

විරෝධතාකරුවන්ට ළගා වීමට හැකි වී ඇත්තේ කොන්සල් කාර්යාලයේ පිටත සීමාව දක්වා පමණය.