ඕමානයට ආසන්න මුහුදේදී නෞකාවකට ප්‍රහාරයක්

පලාවූ ජනරජයේ ධජය සහිතව යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඕමානයට ආසන්න මුහුදේදී ප්‍රහාරයක්

by Staff writer 01-03-2026 | 4:47 PM

ඕමානයට ආසන්න මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පලාවූ ධජය සහිතව යාත්‍රා කළ නෞකාවකට එලෙස ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන්, පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඕමානයේ සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය සඳහන් කරන ලදි.

නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනා ඉවත් කර ඇත.