.webp)
-611206.jpg)
ඉරාන නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස අයතුල්ලා අලිරේසා අරාෆි පත් කර තිබේ.
ඔහු ඉරාන ආගමික මෙන්ම දේශපාලනික ක්ෂේත්‍රයේ ඉතා බලවත් පුද්ගලයෙක්.
මෙම තාවකාලික පාලන මණ්ඩලය තුන්දෙනෙකුගෙන් සමන්විත වේ.
එම මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් අතරට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් හා අධිකරණ ප්‍රධානී ගොලම්හොසේන් මොහ්සේනි එජෙයි ඇතුළත් වේ.
නව උත්තරීතර නායකයෙකු තෝරා පත් කර ගන්නා තෙක් ඔහු සතු බලතල සහ වගකීම් ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලයේ කාර්යභාරයයි.
උත්තරීතර නායකයෙකු තෝරා පත්කර ගන්නා තෙක් මෙම පාලන ව්‍යුහය ක්‍රියාත්මක වනු ඇත.
මේ අතර ඉරාන උත්තරීතර නායකයා ඇතුලු බලධාරීන් ඝාතනයට පළි ගැනීම තම අයිතියක් මෙන්ම යුතුකමක්ද වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙෂෙස්කියන් පවසයි.
මෙම ඝාතනයන් ඉතිහාසගත අපරාධයක් බව ජනපතිවරයා පැවසුවේ ය.
ඝාතන සැලසුම් කළ මෙන්ම ක්‍රියාත්මක කළ පුද්ගලයින්ට එරෙහිව යුක්තිය ඉටුකිරීම ඉරාන රජයේ සහ හමුදාවේ මගහැරිය නොහැකි යුතුකමක් බවත් ඔහු පවසන ලදි.
ඒ එම පළිගැනීම සදහා ඉරානය සතු සියලු ශක්තිය සහ බලය යොදවන බවට ප්‍රතිඥා දෙමිනි.
ඊශ්‍රායල -අමෙරිකා ප්‍රහාර හමුවේ ඉරාන උත්තරිතර නායක අයතුල්ලා අලි කමෙනි මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනි නිවේදනය කළේ ය.
අයතුල්ලා අල් කමේනි රැදී සිටි ඉරානයේ ටෙහෙරාන් හි පිහිටි ස්ථාන රැසකට අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදු කළ ප්‍රහාර හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මීට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් නිවේදනය කළේ ය.
