.webp)
-611146.jpg)
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කළේ, එම රටවල ශ්රී ලාංකික රාජ්ය තාන්ත්රික දූත මණ්ඩල සමග ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බවයි.
හදිසි අවස්ථාවලදී තොරතුරු දැනුම්දීම සදහා තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවල විශේෂ දුරකතන අංක හඳුන්වා දී තිබේ.
විදේශ කටයුතු අමාත්යංශය පවසන්නේ, මේ වන විට උද්ගතව ඇති තත්වයෙන්, මැදපෙරදිග සිටින ලාංකිකයින්ට එතරම් බලපෑමක් සිදුව නොමැති බවයි.
තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු, දූත මණ්ඩල හරහා ලබා ගන්නා බව ද, විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කළේ ය.
ඊශ්රායලයේ සිටින ශ්රී ලාංකිකයින් ආරක්ෂිත බව, එරට ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසයි.
විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කළේ, ඉරානයේ ශ්රී ලාංකිකයින් 50 කට අධික පිරිසක් සිටින බවයි.
ඉන් බහුතරය, තානාපති අංශ නිලධාරීන් බව ද, අමාත්යංශය ප්රකාශ කළේ ය.
