.webp)
-611115.jpg)
සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවක නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් එම් .කේ .ජී ජගත් චන්ද්‍රලාල් පැවසුවේ, සිය ඉල්ලීම්වලට අඛණ්ඩව විසඳුම් ලැබෙන තෙක් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක බවයි.
ආපදා සහන සේවා සඳහා තමන්ට ලබා දෙන බව පොරොන්දු වූ දීමනා ලබා දෙන්නැයි ඉල්ලමීන් ආරම්භ කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට, සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරින්ගේ වෘත්තිය සමිති සංගමය, සංමස්ත ලංකා මධ්‍යම රජයේ තාක්ෂණික සහ සිවිල් නිලධාරින්ගේ වෘත්තිය සමිති සංගමය සහ ග්‍රාම සේවා වෘත්තිය සමිති කිහිපයක් එක්වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවක නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජී. ජගත් චන්ද්‍රලාල් ප්‍රකාශ කළේය.
