.webp)
-611140.jpg)
එය වඩාත් තීව්‍ර වී ඇත්තේ, එම ප්‍රහාරවලට අමෙරිකානු මැදිහත්වීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ප්‍රකාශයත් සමඟයි.
සිය ටෘත් සමාජ මාධ්‍යයේ වීඩියෝවක් පළ කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානයට එරෙහිව දැවැන්ත යුද්ධ මෙහෙයුමක් ආරම්භ කළ බවයි.
ඉරානයට කිසිවිටෙක න්‍යෂ්ටික අවි ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට ඉඩ දිය නොහැකි බව, ඔහු අවධාරණය කළේ ය.
ඒ අනුව “Operation roaring lion” නාමයෙන් ඉරානයේ ෆෝඩෝ, නටන්ස් සහ ඉස්ෆහන් යන න්‍යෂ්ටික ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව, ඔහු පවසනවා.
ඉරානය සිය න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැර දැමීමට ලබාදුන් හැම අවස්ථාවක්ම ප්‍රතික්ෂේප කිරීම, ඊට හේතුව බව, ට්‍රම්ප්ගේ චෝදනාවයි.
මේ අතර තම රටේ ආරක්ෂාව වෙනුවෙන් සියලුම යුධ උපකරණ සහ උපරිම බලය භාවිත කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.
සෞදි අරාබිය, එක්සත් අරාබි එමිර්, කටාර්, කුවේට්, බහරේන් සහ ඉරාකය ඇතුළු ගල්ෆ් රටවල විදේශ අමාත්‍යවරුන් සමග දුරකථන සංවාද වල නිරත වූ බව, ඔහු ප්‍රකාශ කළේ ය.
එම ගැටුම් ආරම්භ වූයේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය මෙරට වේලාවෙන් අද උදෑසන ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.
එම ප්‍රහාවලින් ඉරානයේ හෝර්මොස්ගන් පළාතේ බාලිකා පාසලක රැඳී සිටි සිසුවියන් ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබේ.
තවත් පුද්ගලයින් 45 කට වැඩි සංඛ්‍යාවක් ඉන් තුවාල ලබා තිබේ.
ඉරානය, ගල්ෆ් කලාපීය රටවල ස්ථාපිත කර ඇති අමෙරිකානු හමුදා මූලස්ථාන වෙත බැලැස්ටික් මිසයිල එල්ල කළේ ඊට ප්‍රතිචාර වශයෙන් ය.
ඉරානයේ අරමුණ, මැදපෙරදිග කලාපයේ ස්ථාපිත කර ඇති, අමෙරිකානු හමුදා මූලස්ථාන හා පහසුකම් විනාශ කිරීමයි.
ඒ අනුව ඉරාන ප්‍රහාර හමුවේ මෙතෙක් පිපිරීම් හෝ පිපිරීම් ශබ්ද වාර්තා වී ඇති නගර වන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි සහ ඩුබායි, බහරේන්හි මනමා, සවුදි අරාබියේ රියාද්, කුවේට් අගනුවර සහ කටාර් රාජ්‍යයේ දෝහා ප්‍රදේශයි.
