.webp)
-611133.jpg)
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැටස් පැවසුවේ, තම රටට එල්ල විය හැකි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා එම පූර්වභංග ප්‍රහාරය එල්ල කළ බවයි.
ප්‍රහාර එල්ල කිරිමත් සමග සමස්ත ඊශ්‍රායලය පුරාම බලපැවැත්වෙන පරිදි ෙහදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල ප්‍රහාරය සමග ඉරානයේ ටෙහෙරාන් අගනුවර ස්ථාන 3ක පිපිරීම් සිදුව ඇති බව ද බීබීසි පුවත් සේවය වාර්තා කළේය.
මේ අතර ඉරානය සමග පවතින ආතතිය මධ්‍යයේ සිරියාව, කටාර් සහ බහරේනය යන රටවල පිහිටි හමුදා කඳවුරුවලින් අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමට කටයුතු කර තිබේ.
පෙබරවාරි 23 වැනිදා සිට එම කලාපවල සිටි සෙබළුන් සහ යුද්ධ උපකරණ ඉරාකයේ කුර්දිස්ථාන කලාපය වෙත මාරු කර ඇතැයි ද සඳහන්.
ඒ අනුව ඉරානයට අද(28) එල්ල කළ ප්‍රහාර අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර ඉරානයේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන ලෙසට අමෙරිකාව යළි දැනුම් දී තිබේ.
ඒ ඉරානය නීති විරෝධි ලෙස පුද්ගලයන් රඳවා තබා ගන්නා රාජ්‍යයක් බවට සඳහන් කරමින්.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැවසුවේ, සිය පුරවැසියන් සහ සෙසු විදේශිකයන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගැනීමේ ක්‍රියා කලාපය හේතුවෙන් එම පියවර ගත් බවයි.
එම පියවර අනුව අමෙරිකානුවෙකුට කිසිදු හේතුවක් මත ඉරානයට සංචාරය කිරිමද තහනම් වේ.
ඉරානය විසින් දැනට නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටින සියලුම අමෙරිකානු පුරවැසියන් නිදහස් කළ යුතු අතර, පුද්ගලයන් ප්‍රාණ ඇපයට ගැනීම නතර කළ යුතුය බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය.
මේ අතර අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් ලෙස ඉරානයට එල්ල කළ ප්‍රහාර සිදු කළ බව අමෙරිකානු නිලධාරියෙක් අල් ජසීරා වෙත පවසා තිබේ.
