.webp)
-611036.jpg)
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ජනිත් මධුසංඛ නොහොත් "පොඩි ලැසී" මෙරටට රැගෙන ඒම සඳහා කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (25) පස්වරුවේ ඒ සඳහා පිටත්ව ගොස් ඇති බවය.
සැකකාර "පොඩි ලැසී" නැමැත්තා, නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලුවීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එරට නීති කටයුතු අවසන් කොට, සැකකරු මෙරටට භාරදීමට නියමිතව ඇති අතර, සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇතැයි පොලීසිය ප්රකාශ කරන ලදි.
බරපතල ගණයේ අපරාධවලට මොහු සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.
