T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය

2026 T20 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා - නවසීලන්ත කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ..

by Staff writer 25-02-2026 | 9:56 PM

COLOMBO (News 1st) - 2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ ශ්‍රී ලංකා - නවසීලන්ත කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීය.

තරගය රාත්‍රී 7ට ආරම්භ වුණා.

කණ්ඩායම් දෙකම තරගාවලියේ සහභාගී වන දෙවැනි තරගය මෙය වේ.

ශ්‍රී ලංකාව සමග පැවැති සුපිරි 8 දෙනාගේ වටයේ තරගය ජය ගත්තේ එංගලන්තයයි.

නවසීලන්තය  සහ පාකිස්ථානය අතර සුපිරි 8 දෙනාගේ වටයේ තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුණි.

සුපිරි 8 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ ලකුණු සටහන අනුව නවසීලන්තය දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එහි පසුවන්නේ සිව්වැනි ස්ථානයේය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත්.