සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීම් අරඹයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ අත්අඩංගුවට...පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීම් ඇරඹයි...

by Staff writer 25-02-2026 | 7:32 PM

COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට අදාළව අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ පැය 72 ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරිම ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

අද අළුයම පෑලියගොඩදී  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදි.

2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට එවක බ්‍රිගේඩියර්වරයෙකු වූ සුරේෂ් සලේ මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කළේ ය.

ඊට පෙර ඔහු යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාය.

ස්වාධීන සාක්ෂි මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති  බව පොලීසිය පැවසුවේ ය.