තායිවානය ආසන්න දූපතක මිසයිල ස්ථාපනයට සැලසුමක්

තායිවානයට ආසන්න දූපතක මිසයිල ස්ථාපනය කිරීමට ජපානයෙන් සැලසුම්..

by Staff writer 25-02-2026 | 5:19 PM

COLOMBO (News 1st) - තායිවානයට ආසන්න දූපතක මිසයිල ස්ථාපනය කිරීමට ජපානය සැලසුම් කර තිබේ.

2031 වසරේ මාර්තු මාසය වන විට තායිවානයට ආසන්න බටහිර දූපතක එම මිසයිල ස්ථාපනය කරන බව එරට ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු එය ප්‍රකාශ කර ඇත්තේ කලාපීය නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක වීම විශේෂත්වයක්.  

2022 වසරේදී යොනගුනි (Yonaguni) දූපතේ මිසයිල ස්ථාපනය කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ජපානය නිශ්චිත කාල සීමාවක් සඳහන් කළ පළමු අවස්ථාව මෙය වේ.

එහෙත් චීනය මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.