ඕස්ට්‍රේලියානු අගමැතිගේ නිවසට බෝම්බ තර්ජන

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට බෝම්බ තර්ජනයක්..

by Staff writer 25-02-2026 | 6:03 PM

COLOMBO (News 1st) - 

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇලබනීස්ගේ නිවසට බෝම්බ තර්ජනයක් එල්ල වී තිබේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ෂෙන් යුන් නම් චීන නර්තන සහ සංගීත කණ්ඩායමක් පාදක කර ගෙන ඔඑම තර්ජනය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

බෝම්බකරුවන් යැයි සැක කෙරෙන්නන්ගෙන් ෂෙන් යුන් කණ්ඩායමේ විද්‍යුත් තැපෑලට පණිවිඩයක් ලැබී තිබුණේ ඔවුන්ගේ ඕස්ට්‍රේලියානු ප්‍රසංග අවලංගු කරන ලෙස තර්ජනය කරමින්.

එසේ නොකළහොත් ඕස්ට්‍රේලියානු අගමැතිගේ නිවස පුපුරවා හැරීමේ අවදානමක් ඇති බව එම පණිවිඩයේ සඳහන්.

එම කණ්ඩායම මේ වන විට චීනයේ තහනම් කර ඇති කණ්ඩායමක් වීමද විශේෂත්වයක්.

සිද්ධිය හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එම නිවසෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයක රඳවා ඇත.

කෙසේ නමුත් මේ පිළිබඳ වැඩිදුර තොරතුර එරට බලධාරීන් විසින් දක්වා නැත.