අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ අනෙක් වෙඩික්කරුත් කොටු..

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට

by Staff writer 25-02-2026 | 6:47 AM

COLOMBO (News 1st) - අකුරේගොඩ සුපිරි වෙළඳ සැලක් ආසන්නයේදී මෝටර් රථයක සිටි නිතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ඝාතනයට සම්බන්ධ බව කියන  අනෙක් වෙඩික්කරුද අත්අඩංගුවට ගෙන තිබේ.

මොණරාගල, නක්කල ප්‍රදේශයේ පාළු නිවසක සැගව සිටියදී ඔහු ඇතුළු  සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ය.

සැකකරු සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එම ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු මීට පෙර අත්අඩංගුවට ගැණුනි.

ඒ සඳහා ගිනි අවි ප්‍රවාහනය කළ දෙදෙනා සහ එම කටයුතු සම්බන්ධීකරණය කළ පුද්ගලයෙකුද පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් විය.