.webp)

COLOMBO (News 1st) - මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ යටි නුවර, උඩදුම්බර, දොළුව සහ ගඟ ඉහළ කෝරලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට රතු නිවේදන බලාත්මක වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.
ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙනු ලබයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නාය යාමට ලක්වූ මාර්ග හරහා ගමන් කිරීමේදී දැඩි විමසිල්ලෙන් කටයුතු ලෙසය.
වර්ෂාවත් සමග එම මාර්ගවලට පස් කණ්ඩි කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින බව එහි ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ ය.
පැවති වැසි තත්ත්වයේ අඩුවීමක්, අද(23) සිට අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු කලාපයේ පැවති අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙනි.
ඒ අනුව උතුර, උතුරු මැද සහ වයඹ පළාත් වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකිය.
ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට, පස්වරු 2.00න් පමණ පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙසය.
