මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සාර්ථකයි

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකයි - මහජන ආරක්ෂක අමාත්‍යාංශය

by Staff writer 23-02-2026 | 8:53 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එක් කණ්ඩායමක් සාර්ථකව සිය පුනරුත්ථාපන කාලසීමාව සාර්ථකව අවසන් කර පිටත්ව ගිය බව එහි පුනරුත්ථාපනය කාර්යාංශයේ සහකාර කොමසාරිස් කර්නල් චන්න ගෝමස් පැවසුවේ ය.

මත්ද්‍රව්‍යය ඇබ්බැහිවීමෙන් නිදහස් වීමට කැමැති අයෙකුට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයට යොමුවිය හැකි බවත්  011 2 883 891 යන දුරකතන අංකයෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.