ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදාව භාරයට...

ඉන්දීය ධීවරයින් 12ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදාව භාරයට...

by Staff writer 23-02-2026 | 12:41 PM

COLOMBO (News 1st) - මන්නාරමට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ධීවර කටයුතු සඳහා යාත්‍රාව ද සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේ ය.

යාත්‍රාව සහ ධීවරයින් මන්නාරමට රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර කාර්යාලයට භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාව සඳහන් කරන ලදී.