අයිස් සමග අත්අඩංගුවට ගත් නීතීඥවරයාට ඇප

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක් සමග අත්අඩංගුවට ගත් නීතීඥවරයාට ඇප

by Staff writer 23-02-2026 | 10:27 AM

COLOMBO (News 1st) - අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130 ක් සමග අත්අඩංගුවට ගත් නීතීඥවරයා ඇප මත මුදාහැර තිබේ.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලීසිය පැවසුවේ, ඔහු 59 හැවිරිදි කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

පොලීසිය විසින් සිදු කළ හදිසි වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.