.webp)

මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එය ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ස්ථානගතව පවතින බවයි.
එම පද්ධතියේ බලපෑම හේතුවෙන්, මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 50 -60 පමණ තද සුළං ඇතිවිය හැකියි.
එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ද සඳහන් වේ.
ධීවර සහ නාවික ප්‍රජාව, මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අධික වැසි සමග මහවැලි ගඟ මනම්පිටියෙන් සහ කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවධානම් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපෙර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මනම්පිටිය ප්‍රදේශයෙන් මහවැලි ගඟ භාවිතා කිරීමේ දී සැලකිලිමත්වන ලෙසයි.
මේ අතර, කෑගල්ල, මාවනැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයෑම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලය, දොළුව, යටිනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, අරනායක, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, පල්ලේගම, අඹන්ගඟ කෝරලය, උකුවෙල, විල්ගමුව සහ රත්තොට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන දිර්ඝ කෙරුණි.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට ද නායයෑමේ රතු නිවේදන දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යඥ වසන්ත සේනාධීර සඳහන් කාළේ ය.
